{"title":"ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2022","description":null,"products":[{"product_id":"nil-katrol","title":"නිල් කට්රොල්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමෙය වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟු කාශ්‍යපගේ කතාව පමණක් නොවේ එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලිගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50665438642362,"sku":"9786246039004","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nil-katrol_9351b139-dc03-403a-beaf-1adecbd9aec4.jpg?v=1791940445"},{"product_id":"deweni-geheniya","title":"දෙවැනි ගැහැනිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මම යනවා.” ඇගේ සැමියා කීවේය.\u003c\/p\u003e\n\u003cp\u003eමෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.\u003c\/p\u003e\n\u003cp\u003eඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eතවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eඅදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ, ඒ කතාවයි…\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665439133882,"sku":"9786245579150","price":16.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/deweni-geheniya.jpg?v=1791851037"},{"product_id":"book-9786240014106","title":"කලල් දිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“ඔය කොක් රන්චුව බන්ට් එකට උඩින් උදේට පියාඹන්නේ දාගොන්න වැවේ මාලූ අල්ලන්න. එහෙ ගියොත් ඔයාට තව ටිකකින් දැක ගත්තැහැකි සිල් ගත්තු කොක්කු වැවේ ඉවුරේ ඉදන් මාලු අල්ලන හැටි……” ~ වින්දුල\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665439494330,"sku":"9786240014106","price":18.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kalal-diya.jpg?v=1791851037"},{"product_id":"book-9786245546213","title":"සංසක්කාරී","description":null,"brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665439920314,"sku":"9786245546213","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sansakkari.jpg?v=1791851037"},{"product_id":"book-9789553124265","title":"සී +","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලංකාවේ ජනප්‍රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා.\u003c\/p\u003e\n\u003cp\u003eකතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව, වාක්‍ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී.\u003c\/p\u003e\n\u003cp\u003eමගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනෙක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665440116922,"sku":"9789553124265","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/c.jpg?v=1791851037"},{"product_id":"mage-chicago-hadawatha","title":"මගේ චිකාගෝ හදවත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eකෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය.\u003c\/p\u003e\n\u003cp\u003eඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665441689786,"sku":"9789553122483","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mage-chicago-hadawatha.jpg?v=1791851037"},{"product_id":"premanishansa","title":"ප්‍රේමානිසංශ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eපොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,\u003c\/p\u003e\n\u003cp\u003eමනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,\u003c\/p\u003e\n\u003cp\u003eඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් ‍රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ‌ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665442246842,"sku":"9789553123398","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/premanishansa.jpg?v=1791851037"},{"product_id":"chakrawarthi","title":"චක්‍රවර්තී","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගතේ ය.\u003c\/p\u003e\n\u003cp\u003eරාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අගුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හිං හීතලද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන සඳමඩල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය.\u003c\/p\u003e\n\u003cp\u003eයාන්තමින් දැස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමග කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැගවූ කිනිස්ස වෙතය.\u003c\/p\u003e\n\u003cp\u003e“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි.. මට බය හිතුණා.” ඒ හඬ සිහින් කෙඳිරියක් මෙන් විය.\u003c\/p\u003e\n\u003cp\u003eකොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඩල වැසී ගියේය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665443328186,"sku":"9786242040233","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/chakrawarthi.jpg?v=1791851037"},{"product_id":"book-9786245579013","title":"හින්දොස්මාලේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eරාශි චක්‍රයේ 7, 14, 21 රිට්ටාවෙන් උපදින්නන් උපදින්නේම යක්‍ෂ දෝෂ හා ඇල්ම බැල්ම ඇතිව යයි අතීත විශ්වාසයක් ද වූයේය. ඒවා දුරුකරලීමට සතරබුදුවරුන්ම වැඩම කරවිය යුතු වන්නේලු. හින් හෙවත් සින් යකුන් දෙවිදේවතාවුන් මෙන් ම වන්නි හත්පත්තුවේ වනාන්තරවලට අධිගෘහිත වූයේය. මේ යක්‍ෂ ඇල්ම බැල්ම වැටුණු අවාසනාවන්තයන්ට ජීවිතයම ශෝකාලාපයක්ම වූවාට සැක නැත. වන්නි බණ්ඩර දේවතාවුන් ලෙසින් හැඳින්වුණද ඒ දේවතාවුන් දෙවියන්ට වඩා යක්‍ෂයන්ට සමීප වූවන් බවද පැහැදිලි වෙයි. බොහෝ විට පෙරහැර සැදී වන්නි හත් පත්තුව මැදින් ගමන් කළේ දෙවි දේවතාවුන්ම පමණක්ම නොවේ. බොහෝ යක්‍ෂයින්ද ඒ අතර වූ බව පෙනෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eදිවයිනට ගොඩ බට බොහෝ දේවතාවුන්ට පරිවාර පෙරහැර ද වූයේය. මේ දේවතා යක්‍ෂ පෙරහැර සාමාන්‍ය වන්නි ජනතාව බියපත් කරමින් සැමදා වැජඹුණේය. දේවතාවුන් පසුපස යන මේ පන්දම් පාලියද පසු කලෙක බණ්ඩරවරුන් වී තමුන්ම හිස උදුම්මවා ගත්හ. දමිළ පන්ඩාරම්වරුන් හෙවත් බණ්ඩරවරුන්ද සූරාකෑම තරම් වෙන යමක් මානව සමාජය වෙත ප්‍රදානය කර නැතැයි මට සිතේ.\u003c\/p\u003e\n\u003cp\u003eමාල කව් නම් වූ ශෘංගාර කාව්‍යයන් බිහිවුණේ මේ නිලමක්කාරයින්ගේ නොසන්සිඳුණු ආශාවන් තෘප්ත කරලීමේ අපේක්‍ෂාවෙන්ය. පැරකුම්බා සිරිතින් යන්තමට ඇරඹුණු පුද්ගල කාම ශක්ති වර්ණනාව මහනුවර යුගය වෙද්දී එහි උච්ඡතම අවධියට එලැඹ තිබුණේය. රජදරුවන්ගේ පමණක් නොව ඇහැලේපොළ, මොනරවිල, පිළිමතලව්වේ වැනි නිලමක්කාරයින්ගේද කාම ශක්ති වර්ණනාවන් මාල කවි බවට පත්ව තිබුණේය. ඒ හැර කල්ල මාලේ, ආඬි මාලේ, රණහංස මාලේ ආදි විවිධ කාම වර්ණනා ඇතුළත් මාල කව්ද බිහි වූයේය. හින් දොස් මාලේද මාල කාව්‍යයක් වුවද එයින් කියැවෙන්නේ එකී හින් යකුන් හෙවත් කුඩා යකුන් විසින් සිඳ බිඳ දමනු ලැබූ වන්නි හත්පත්තුවේ සාමාන්‍ය ජනතාව මුහුණ පෑ ව්‍යසනයේ මාල කථාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eසැබෑව සෑම විටෙකම ගිලෙන්නේ දෙවි දේවතාවුන්ගේ ප්‍රාතිහාර්යයන් තුළය. එයින් සැබෑව සදහටම යටපත් වී ප්‍රාතිහාර්යයන් පමණක්ම ඉතිරි කෙරෙනු ඇත.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665443950778,"sku":"9786245579013","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/hindosmale.jpg?v=1791851037"},{"product_id":"sandhyanandaya","title":"සන්ධ්‍යානන්දය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eකාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ.කවුරු හරි දකී කියලද? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකද්ද?\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665444311226,"sku":"9789553123862","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sandhyanandaya.jpg?v=1791851037"},{"product_id":"nakula-muni","title":"නකුල මුනි","description":null,"brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665444540602,"sku":"9786240014472","price":17.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nakula-muni.jpg?v=1791851060"},{"product_id":"kandy-mahal","title":"කැන්ඩි මහල්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමේ සිංහල වූ දෙමළ, මළයාලී තෙලිඟු මරාති හා යුරෝපිය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රරකයයි’ ගම්වාදී දුනුකාර හමුදාවලට බැදි සිට් අපේ මුතුන් මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි’ මේ බිංදු බිංදු සින්දුවතියක් බදු නන්සිනගේ කතාව’ මේ මරිය පොරලේන්තින වංශවත් ස්ත්‍රීයක වීමේ සිදුවීම් දමයයි’ මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි’ මේ කොලොබ” යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ ම්සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665445064890,"sku":"9789553123534","price":16.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kandy-mahal.jpg?v=1791851060"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/swarna-pusthaka-2022.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}