{"title":"ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2020","description":null,"products":[{"product_id":"kanda-uda-gindara","title":"කන්ද උඩ ගින්දර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665423765690,"sku":"sbu-no-013","price":15.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kanda-uda-gindara.jpg?v=1791851012"},{"product_id":"polmatta","title":"පොල් මට්ටා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා….ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":50665424093370,"sku":"sbu-no-014","price":12.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/polmatta.jpg?v=1791851012"},{"product_id":"nishkranthiya","title":"නිෂ්ක්‍රාන්තිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665424519354,"sku":"9789553115355","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nishkranthiya.jpg?v=1791851012"},{"product_id":"rudu-ron-soya","title":"රුදු රොන් සුනු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඔහු රථය පන ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665425010874,"sku":"9789553115720","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rudu-ron-soya_4f2e9d80-3a45-4ecc-839e-d3638ad0b875.jpg?v=1791940556"},{"product_id":"panhida","title":"පන්හිද","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමයෙ දැහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරලා දලා ගියේ.තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියා වූ\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665425502394,"sku":"9789553118318","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/panhida.jpg?v=1791851013"},{"product_id":"thi-ha-tha","title":"තී හා තා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eනවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත්‍රීව්‍ර වේ.\u003c\/p\u003e\n\u003cp\u003e'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ තබා ගනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665426256058,"sku":"9789553115874","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/thi-ha-tha.jpg?v=1791851013"},{"product_id":"nimnage-ithihasaya","title":"නිම්නාගේ ඉතිහාසය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනිම්නය උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා ය . එක ඉතිහාසය අලුතින් ඇරබෙන දවසක් එතැන් පටන් දිගහැරෙන අගේ ජිවිතයට ඇගේ අම්මගේ පරම්පරාවත් , මිත්තනියගේ පරම්පරාවත් මි මිත්තනියගේ පරන්පරවත් වරින් වර මුණගැසෙයි .\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665426485434,"sku":"9786245087822","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nimnage-ithihasaya.jpg?v=1791940517"},{"product_id":"ratu-iri-adina-atha","title":"රතු ඉරි අඳින අත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e\"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කරයි...\"මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප‍්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක‍්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන 'රතු ඉරි අඳින අත' සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප‍්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය.මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත‍්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.නවකතා රචනයෙහි කතුවරයා සතු ප්‍රතිභාව මැනවින් ප්‍රකට කෙරෙන අගනා නිමැවුමකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665427959994,"sku":"9786245087099","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ratu-iri-adina-atha.jpg?v=1791851013"},{"product_id":"kumara-kobei","title":"කුමර කොබෙයි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eකතෘගේ දොළොස්වන නව කතාව වන මෙම කුමර කොබෙයි තුළ ආදරය, විවාහය, දරු සම්පත මුණගැසීමේ අපේක්ෂාවෙන් ගමනක යෙදෙන ගැහැණියකගේ අභ්‍යන්තරය හරහා සතුට සොයාගෙන දේශයන් හරහා යන මිනිසුන්ගේ ආත්මීය අර්බුද නිර්භීතව ගවේෂණය නර ඇත\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665428713658,"sku":"9786245087082","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kumara-kobei_ff6b2715-50ab-4b0a-a310-e6ef5f518e12.jpg?v=1791940533"},{"product_id":"athakin-amma-ya-athakin-merama-ya","title":"අතකින් අම්මා ය අතකින් මෙරමා ය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙය පී.බී. ජයසේකරගේ හයවැනි නවකතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහුගේ සියළුම නවකතා මෙරට සම්මාන සඳහා නිර්දේශ විය. 2019 පළ කළ 'මා ප්‍රති මා' විදුදය, ගොඩගේ සහ රාජ්‍ය සම්මානයන් හි අවසන් වටය තෙක් පැමිණියේය. 'ඉක්බිතිව ඔහු මරාපීහ' 2016 වසරේ හොඳ ම නවකතාව වශයෙන් ගොඩගේ සම්මානයට පාත්‍ර විය. 'මරියා සිලොනිකා වස්තුව' ඔහුගේ පළමු නව කතාව, ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි ජනහද දිනාගත් නවකතාවකි. 'අවලමා සහ ඇහැටුව' රාජ්‍ය සම්මාන අවසාන නවකතා තුන දක්වා පැමිණි අතර 'බලව, කඳුළු ගිනි ගනී!' ෆෙයාර් වේ සම්මාන අසාන නවකතා පහ තුළ රැඳිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඒ සියල්ල යම් අයුරකින් සත්‍ය සිදුවීම් හා බැඳී නවකතාවයි. එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකු ආරාමයකට ගොඩ වැදෙනවා. මේ ළමුන් දෙදෙනා, පසු කලෙක, අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගක් දිගේ දෙආකාරයකින් තම අතීතය සොයා යනව. එය අපමණ හැල හැප්පීම් ඇති දුක්බර ගමනක්. කෙළවර ඒ එක ම අතීතයේ දි, දෙදෙනා එකිනෙකාට හමු නොවී දෙආකාරයකින් වෙන්වෙනවා. 'අතකින් අම්මා ය අතකින් මෙරමා ය ' සත්‍ය සිදුවීම් දෙකක් හා බැඳුණු නවකතාවකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Surasa \/ Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665429369018,"sku":"9789556779196","price":12.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/athakin-amma-ya-athakin-merama-ya.jpg?v=1791851037"},{"product_id":"balan-pura-siri-neth-wasa","title":"බලන් පුර සිරි නෙත් වසා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි\u003c\/p\u003e\n\u003cp\u003eදහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි\u003c\/p\u003e\n\u003cp\u003eවෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ...\u003c\/p\u003e\n\u003cp\u003eමුළු අමාත්‍යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන්\u003c\/p\u003e\n\u003cp\u003eසේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක්\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද\u003c\/p\u003e\n\u003cp\u003eහිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත්\u003c\/p\u003e\n\u003cp\u003eමේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ...\u003c\/p\u003e\n\u003cp\u003eඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන්\u003c\/p\u003e\n\u003cp\u003eෆෝන්... ලැප්ටොප්.. කම්පියුටර්,., අතටපයට දැසි දස්සෝ... කොටින් ම\u003c\/p\u003e\n\u003cp\u003eහතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක්\u003c\/p\u003e\n\u003cp\u003eගැහුවත් ඒ තත්වෙටනං ළං වෙන්න බැ කිව්වේ ඒකයි..\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665430024378,"sku":"9789556565669","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/balan-pura-siri-neth-wasa.jpg?v=1791851037"},{"product_id":"petha","title":"පේත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665430614202,"sku":"9789553099297","price":11.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/petha.jpg?v=1791851037"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/swarna-pusthaka-2020.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}