{"title":"Political \u0026 Current Affairs","description":null,"products":[{"product_id":"lasantha","title":"ලසන්ත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eදේශපාලන බලය ස්වකීය පැවැත්ම උදෙසා නිරපේක්ෂ ලෙස භාවිත කරන බල ලෝභීන් බලයේ මර්මස්ථාන තම අණසක යටතේ පවත්වා ගන්නා සමාජයක ජීවිතය වදයකි. එහෙත් ඒ වදය හමුවේ සහ ඊට එරෙහිව අරගල කිරීම යනු දහසක් දහඅත අවදානම් වෙත දෑත් දිගු කිරීමකි. එවන් සමාජයක බොහෝ අය තෝරා ගන්නේ නිර්වින්දනය වූවකුගේ භූමිකාවයි. ඒ භූමිකාව තෝරා ගන්නා අයට ජීවිතය හිමිවෙයි. හෘද සාක්ෂිය අහිමි වෙයි. පරම්පරා දෙකකට අයත් වුවද ලසන්ත වික්‍රමතුංග මෙන්ම කසුන් පුස්සැවෙලද අයත් වනුයේ බලය රැකගැනීම උදෙසා කවර නිහීනකමින් වුව හැසිරෙන නොහික්මුණු දේශපාලන සංස්කෘතියකට යටත් වීම වෙනුවට වචනවල බලය මඟින් ඊට එරෙහිවීම තෝරාගත් මාධ්‍යවේදීන් අතලොස්ස අතරටය.ලසන්ත ඝාතනය යනු ලාංකීය ඉතිහාසයේ මෑතකාලීන බිහිසුණු අපරාධයන් අතර ඉදිරියෙන්ම සඳහන් වන්නකි. වචන වෙනුවට අවිය තෝරාගත් අපරාධ රාජ්‍යයක මහ මඟදී ප්‍රසිද්ධියේ ඝාතනය කරන ලද ලසන්ත යනු අප පසුගිය සමයේ ගෙවා දැමූ පිළිකුල් සහගත 'ප්‍රජාතන්ත්‍රවාදයේ' ලෙයින් තැබූ තීරණාත්මක සාක්ෂියකි. ලසන්ත නොමැති වර්තමානයක ඔහු සමඟ එකට මාධ්‍ය ක්ෂේත්‍රයේ අරගලයක නිරත වූ තසුන් පරිවර්තන භූමිකාවට අවතීර්ණ වෙමින් ලසන්තගේ චරිතාපදානය සිංහල බසට නැගීම ඔහුගේ ලේඛන ජීවිතයේ හැරුවුම් ලක්ෂ්‍යයකි. මේ පරිවර්තනයද සමගින් ඔහු එතෙක් තමන් පවත්වාගෙන ආ මාධ්‍ය භූමිකාව තවත් තලයකට කරා ව්‍යාප්ත කරයි. කසුන් මේ අභියෝගාත්මක කාර්යය සාර්ථක අයුරින් නිම කරමින් මෙතෙක් ඉංග්‍රීසි බස දත් පාඨක සමාජයට සීමාවී පැවැති මේ චරිතාපදානය සිංහලෙන් කියවන නූතන ප්‍රජාව වෙත ගෙන ඒම බෙහෙවින් අගය කළ යුතුය.ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sayura Publications","offers":[{"title":"Default Title","offer_id":50665468788922,"sku":"9786246223441","price":18.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/lasantha.jpg?v=1791851084"},{"product_id":"book-9786246223458","title":"12.11.10. වැලිකඩ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමරණානුස්සතිඅප බොහෝ විට සිතන්නේ සිරගෙදර යනු අපෙන් වෙන් වූ අපට කිසිදා අදාළ නොවන ලෝකයක් යැයි කියා ය.එහෙත් මේ කෘතිය කියවන ඔබ ඒ සිහිනයෙන් මිදෙනු ඇත. ඉන් අනතුරුව සිතනු ඇත්තේ හෙට දිනයේ ඒ මරණයේ ද්වාරයෙන් ඇතුළු වීමට ඔබට ඇති විභවය ගැනයි. එපමණක් ද නොවේ. කුරා කුහුඹුවකුට වැරැද්දක් නොකළ පසුබිමක පවා සිරගතවීමෙන් නොනැවතී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන ඉරණමයි.ලාංකීය අපරාධ රාජ්‍යයේ සාහසිකම ප්‍රකාශනයක් වූ ‘2012 වැලිකඩ’ ඝාතන සිට මහර, මීගමුව, කුරුවිට, මැගසින් දක්වා වූ අමිහිරි අත්දැකීම් ඇතුළත් මේ කෘතිය ඔබ කියවිය යුත්තේ එහෙයිනි. එනිසා මෙය සිරකරුවන් ගැන පමණක් ලියූ කෘතියක් නොවේ. නිදහස් යැයි සිතා ජීවත් වන අප සියලු දෙනාගේ ජීවන ඛේදයේ බරපතළකම ගැන කියැවෙන මරණානුස්සතියකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sayura Publications","offers":[{"title":"Default Title","offer_id":50665469083834,"sku":"9786246223458","price":17.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/12-11-10-welikada.jpg?v=1791851084"},{"product_id":"desha-bandu","title":"දේශ බන්දු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"අපරාධ යුක්ති කළමනාකරණ දෘෂ්ඨියෙන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ සාමය ආරක්ෂා කිරීමේත්, අපරාධ, වරදවල් වැලැක්වීමේත් ඉහළම වගකීම දරන්නේ පොලිස්පතිවරයා සහ ඔහුගේ යටතේ පරිපාලනය වන පොලිස් දෙපාර්තමේන්තුවයි. එවැනි වගකීමක් දරමින් සිටියදී මේ නඩුවේ විමර්ශනය විසින් සනාථ කර ඇත්තේ, ශ්‍රී ලංකා පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙසට 2023.12.31 දින වන විට ධුරය හොබවන ලද දේශබන්දු තෙන්නකෝන් නැමැති නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම තමාගේ පරිපාලනයට යටත් නිලධාරීන් අට දෙනකුගෙන් සමන්විත පිරිසක්, රජය සතු ගිනි අවි, උණ්ඩ සමග, රජය සතු වාහනයකින් සිය පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අනීතිකව සහ අත්තනෝමතික ලෙසටත්, නීතියෙන් අපේක්ෂිත සියලු වගකීම්, වගවීම් උල්ලංඝනය කරමින් ද, අපරාධ, වැරදි සිදුකිරීම සඳහා යොදවා ඇති බවයි. මහජන මුදලින් වැටුප් ලබන රජයේ පොලිස් නිලධාරීන්ව සිටිමින්, රජයේ මුදල් යොදවා මිලදී ගත් රාජ්‍ය දේපොලක් භාවිත කරමින් රාජ්‍යයේම පුරවැසියන්ට එරෙහිව පැරා මිලිටරි කණ්ඩායමක් ලෙසට සංවිධානය වී කටයුතු කරමින් අපරාධ සිදු කිරීම අතිශය බරපතල තත්ත්වයක් බවත් නිගමනය කරමි.”\u003c\/p\u003e\n\u003cp\u003eබී.ඒ.අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස\u003c\/p\u003e\n\u003cp\u003eමාතර මහේස්ත්‍රාත්\u003c\/p\u003e\n\u003cp\u003e(බීආර්\/6314\/2023 නඩුවට අදාල 2025.02.27 දිනැති නියෝගයේ 68 සහ 69 පිටු දෙකෙන් උපුටා ගත් කොටසකි.)\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Unknown","offers":[{"title":"Default Title","offer_id":50665469837498,"sku":"9786249251618","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/desha-bandu.jpg?v=1791851084"},{"product_id":"rajapaksha-samagama-lasantha","title":"රාජපක්ෂ සමාගම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eරාජ්‍ය බලය විවිධාකාරයෙන් අභාවිතින කිරීමෙන් දේශපාලකයන් මෙන්ම ගජ මිතුරන් සාපරාධී අන්දමට ධනය හම්බ කිරීම හා දේපළ උරුම කර ගැනීම ලාංකේය සමාජයේ කැපී පෙනුණේය. මේ සම්බන්ධ යථාර්ථය රට වැසියන්ට නිවැරදිව දැන ගැනීමට හැකි වූයේ ගවේෂණාත්මක මාධ්‍ය කලාව ප්‍රගුණ කළ නිර්භීත මාධ්‍යවේදීන් නිසා බව කිව යුතු නොවේ. ලසන්ත රුහුණගේ 'රාවය' පුවත්පත ඔස්සේ පළ කළ ලිපි හා පළ කරන ලිපි, ඒ අතර කැපී පෙනෙන බව නොවලහා කිව යුතුය. නිසි අන්දමින් අදාළ මූලාශ්‍ර සොයා ගනිමින්, නිරවුල්ව හා පැහැදිලිව ඒවා විමර්ශනය කරමින්, තර්කානුකූලව දූෂණයේ මුහුණුවර හා තරම ඔහු අනාවරණය කරන්නේ හුදු භාවාත්මක අවලාද ස්වරූපයෙන් නොවේ. ඔහු මාධ්‍යවේදියකු වශයෙන් නිසි වගකීමෙන් හා වගවීමෙන් යුතුව විද්‍යාත්මක පදනමක පිහිටා ලියූ ලිපි පාඨකයාට ලබා දෙන්නා වූ අවබෝධය ප්‍රශස්තය.ලසන්තගේ මාධ්‍ය භාවිතයේ වෙසෙස් ගුණය නම් ඔහු පසු ගිය රාජ්‍ය පාලනය ගැන මෙන්ම වත්මන් රාජ්‍ය පාලනයේ ස්වභාවය ගැන ද අවදියෙන්, දූෂණ වංචා පිළිබඳ මැදහත් සිතින් තතු අනාවරණය කිරීමයි. සැබැවින්ම ගවේෂණාත්මක මාධ්‍යවේදියකු අගතියෙන් වියුක්තව විනිසුරුවකු සේ අදාළ මූලාශ්‍ර විශ්ලේෂණය කොට පාඨකයාගේ නුවණැස අවදි කළ යුතුය. ලසන්ත විසින් ලියන ලද සෑම ලිපියකම ඒ විනය කැපී පෙනේ.ලසන්තගේ මේ ලිපි සංග්‍රහය ඉවසීමෙන් එක දිගට කියවීමට ලැබීමෙන් පාඨකයෙකුට අප ජීවත්වන රටේ බලය අවභාවිත වී තිබෙන අන්දම පිළිබඳව තාර්කික අන්දමින් යථාවබෝධයක් ලැබිය හැකිය.මහාචාර්ය සරත් විජේසූරිය(මෙය 2016 සැප්තැම්බර් නිකුත් කළ 'රාජපක්ෂ සමාගම' පොතට ඇතුළත් වූ පසුපිට සටහනය)\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Radio Satahan","offers":[{"title":"Default Title","offer_id":50665470296250,"sku":"9786249251625","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rajapaksha-samagama-lasantha.jpg?v=1791851085"},{"product_id":"ambuluwawa","title":"අම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය” ලෙස මේ පොත නම් කිරීමට සුවිශේෂී හේතුවක් විය. ඒ, පරයා යන යෙදුම පිටස්තරයා යන තේරුමට අමතරව “නීච” යන තේරුම ද ලබාදීමයි. පිටස්තරයන්ගේ එසේත් නැත්නම් පවතින ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගෙන් බැහැර වූ දුෂිතයන්ගේ සහ නිචයන්ගේ ආධිපත්‍යයට යටවූ නිලධාරීන් රොත්තක් හමුවේ එම පිටස්තරයන්ගේ සහ නිචයන්ගේ අනීතික වැඩවලට එරෙහි වූ එක නිලධාරිනියක් වූවාය.\u003c\/p\u003e\n\u003cp\u003eඇය ආත්මා ය. උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලක්ෂි ජයරත්න මහත්මිය ය. පිටස්තරයන් සහ නිචයන් ලෙස පැමිණි ගම්පොළ අරක්ගත් දේශපාලනඥයෝ මෙන්ම ඔවුන්ට සහයෝගය දැක්වූ නිලධාරීහු ද ආත්මාගේ ආධිපත්‍යයට බිය වූහ. අවසානයේ පර ආධිපත්‍යය පැරදවීමට ආත්මාධිපත්‍යයට හැකියාව ලැබිණි. ආත්මා දිලක්ෂි නීති විරෝධී සහ සදාචාර විරෝධීව වර්තමාන ආණ්ඩුව යටතේ ද කුමන්ත්‍රණකාරී ලෙස ස්ථාන මාරු කළ ද, ඇය පරාජය වී නැත. ආත්මා සමග දූෂණයට එරෙහි නිලධාරීහු රොද බැඳ සිටිති. ආත්මාට වින කටින්නේ පරාජිතයන් ය.\u003c\/p\u003e\n\u003cp\u003eආත්මාට පමණක් නොව නීතිගරුක සහ අවංක සියලු රාජ්‍ය නිලධාරීන්ට මෙම කෘතිය ගෞරවයෙන් පුද කරමු. දේශපාලනඥයන්ට ගැති නොවන, දූෂණයෙන් තොර අවංක රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි අනවරත අරගලයක යෙදිය යුතු වෙමු.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"MediaLK.com","offers":[{"title":"Default Title","offer_id":50665470591162,"sku":"9786242123394","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ambuluwawa.jpg?v=1791851085"},{"product_id":"pasku-praharaye","title":"පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e\"අපිව ගේන බන්ධනාගාර බස් එකට දෙන ආරක්ෂාවෙන් 100න් 1ක් එදා කතෝලික පල්ලිවලට දුන්නා නම් අද අපි කවුරුත් මෙතන නෑ.\"- නවවැනි චූදිත රමීස් මොහොමඩ් සාජීද්\"නිලන්ත ජයවර්ධන කියන්නේ නිකම්ම නිකන් රෝදයක දැති රෝදයක් නෙවෙයි, අකුණු වේගයෙන් සහ කඩිනමින් ගමන් කළ යුතු ත්‍රස්ත මර්දන රථයේ රෝදවලට අත්‍යවශ්‍යම වූ කොටසක්. නමුත් එහි රෝද කැරකුණේ අවිනිශ්චිතව පමණක් නෙවෙයි, ඉතාමත් මන්දගාමීවයි.\"- ශ්‍රේෂ්ඨාධිකරණය\"මේ පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවුවේ කියලා මෙතෙක් කවුරුවත් කියලා නෑ. හැබැයි ඒක කළේ කවුද කියලා මම දන්නවා. මේ ගැන ඇවිත් සාක්ෂි දෙන්න කියලා අධිකරණයෙන් මට යම් ඉල්ලීමක් හෝ නියෝගයක් කළොත්, මේ පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුද කියලා කියන්න මම සූදානම්.\"- මෛත්‍රීපාල සිරිසේන\"ඔබ ඡන්දය දෙන්න ගිහින් නෙළුම මත බොත්තම එබුවාම, ඔබ එබූ බොත්තමෙන් ත්‍රස්තවාදය විනාශ කරනවා කියලා මතක තියාගන්න.\"- නරේන්ද්‍ර මෝදි පාස්කු ඉරුදින ප්‍රහාරයට පසුදින\"එදා රෑ ජනාධිපති සිරිසේන ජාතිය අමතලා කතා කරා. ඉතාම සාහසික ප්‍රකාශයක් කළා. ලෝකයේ කිසිම ජනාධිපතිවරයෙකුට හෝ රාජ්‍ය නායකයෙකුට කියන්න, තියා හිතන්න වත් බැහැ, එතුමා කිවුවා \"මේකට වගකියන්න ඕන ආරක්ෂක ලේකම් සහ පොලිස්පති, ඒ දෙන්නට උපරිම දඬුවම් දෙනවා\" කියලා මූලික විමර්ශනයක්වත් කරන්න ඉස්සෙල්ලා ස්වාමීනි. මේක තමයි මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵල, ඒ කුමන්ත්‍රණය වෙද්දී මේවා ඔක්කොම තීරණය කරලා. යන හැටි, පනින හැටි ආවට පස්සේ කියන හැටි, ඔක්කොම ස්වාමීනි.\"- හේමසිරි ප්‍රනාන්දු\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Radio Satahan","offers":[{"title":"Default Title","offer_id":50665472131258,"sku":"9786249251632","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/pasku-praharaye.jpg?v=1791851085"},{"product_id":"chemmani","title":"චෙම්මනි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"මෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මේක වුණේ ලුතිනන් තුඩුගලගේ නියෝග මත. යාපනේ චෙම්මනි මුරපොළ හා ඒ අවට ප්‍රදේශවල මළසිරුරු තුන් හාරසීයක් වැළලූ මිනී වළවල් තිබෙනවා. ඒ ප්‍රදේශයට ගෙන යනවා නම් එම ස්ථාන අධිකරණයට වුවත් පෙන්වා දෙන්න පුලුවන්. යුද හමුදා පොලිසියේ නිලධාරීන් අපට පහරදී ප්‍රකාශවලට බලෙන් අත්සන් ගත්තා. අධිකරණයේ නඩු විභාගය යන අතරතුරදී යුද හමුදා නිලධාරීන් අපේ ගෙවල්වලට ගිහින් උසාවියෙදි ඇත්ත කිව්වොත් ගෙදර අය මරා දමන බවට තර්ජනය කළා. ඒ නිසා නඩු විභාගය අවස්ථාවේදී කිසිවක් හෙළිකරන්න නොහැකි වුණා, මට සෑම තැනකින් ම අසාධාරණකම් සිදු වුණා. ඇත්ත කීමට ඇති අයිතිය උදුරාගත්ත නිසා තමයි මම බන්ධනාගාරයෙන් පැන ගියේ. මම අපරාධයට කිසිසේත්ම සම්බන්ධ නෑ. අපි කළේ අපිට දෙන මළ සිරුරු වළ දැමීම පමණයි.\"\u003c\/p\u003e\n\u003cp\u003eසෝමරත්න රාජපක්ෂ 1998 ජූලි මස 03 වැනිදා කොළඹ මහාධිකරණයේදී\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665472426170,"sku":"9786249251601","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/chemmani.jpg?v=1791851085"},{"product_id":"rathupaswala","title":"ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිවේ රතුපස්වල පවත්වාගෙන ගිය වෙනිග්‍රොස් කම්හලෙන් ඒ ප්‍රදේශයේ සිදු වූ පරිසර හානියට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව ගෙනගිය ධෛර්්‍යවත් දිග්ගැස්සුණු අරගලය ලංකාවේ වර්තමාන ජනඅරගල ඉතිහාසයට එකතු කෙරෙන වැදගත් හා වර්ණවත් අත්දැකීමක් ලෙස සැලකිය හැකියි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම කම්හල් හිමියා බලයට පත්වන කවර රජයක වුවද බලවත් අනුග්‍රහය ලබාගැනීමට සමත් වූ ඒ වන විට ලංකාවට සිටි ලොකුම ධනවතා වීයැයි කිව හැකිය. පුංචි කැසිනෝ ව්‍යාපාරයක් හරහා ව්‍යාපාරික ලෝකයට එකතු වූ මෙම පුද්ගලයා ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ලොකුම ව්‍යාපාරිකයා බවට පත්වීමට සමත් වූවා පමණක් නොව විටෙක ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද තවත් විටෙක අමාත්‍යංශ ලේකම් ධූරයක්ද හිමිකර ගනිමින් තමන්ට තිබෙන රාජ්‍ය අනුග්‍රහය ප්‍රදර්ශනය කළ කෙනෙකු ලෙසද සැලකිය හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eකම්හලට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ වන්නේ 1996 සිටය. කම්හලට එරෙහිව ප්‍රදේශයේ ජනතාවගේ වහා නැගිටීම් ඇතිවන්නේ උතුරේ යුද්ධය නිමා වීමත් සමඟය. එහි ඇතිවන ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම සදහා යොදා ගැනෙන්නේ උතුරේ කෙරෙන යුද්ධයෙන් ජනතාව විසින් රණවිරුවන් ලෙස අභිෂේක කරන යුද්ධ හමුදාවය. එම ජනතා උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය හා යුධ හමුදාව මුදාහළ බිහිසුණු පහරදීමකින් තරුණයන් තිදෙනෙකු මරණයට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. එහෙත් හමුදා මර්ධනයෙන් එම ජන සටන නිහඬ කිරිමට හැකිවූයේ නැත. ඔවුහු මර්දනයට එඩිතර ලෙස මුහුණ දෙමින් සිය අරගලය ඉදිරියටම ගෙන ගියහ. ආණුඩුවේ ගජමිතුරකු වූ කම්හල් හිමියාට කම්හල ඉවත් කර ගැනීමට සිදු වූ අතර ජලය අපවිත්‍ර කර තිබූ තත්ත්වය තුළ ජනතාවට අවශ්‍ය ජල පමහසුකම්ද සහන මිලකට ලබා ගැනීමට සමත් විය.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම ජන අරගලයේදී ඊට නායකත්වය දුන් සමහර නායකයන් අතරමඟදී ඇඳ වුටුණු අතර ඔවුන්ගෙන් සමහ‌රෙක් නැවත නැගී සිටීමටද සමත් විය. සාමාන්‍යයෙන් සිදු වන්නේ අතරමඟ වැටෙන අය නැවත නැගී නොසටීමය. එහෙත් මේ අපූරු අක්දැකීම් තුළ දක්නට ලැබෙන චිත්‍රය ඊට වෙනස් ය.\u003c\/p\u003e\n\u003cp\u003eරතුපස්වල ජන අරගලයේ කතාව කදිම පොතක් බවට පත්කරන ලේඛකයා වූ තරිඳු ඉරංග ජයවර්ධන ද එම අරගලයට ක්‍රියාකාරි ලෙස දායක වූ තරුණ ජනමාධ්‍යවේදියෙකි. එම අරගලයට ඔහු පමනක් නොව ඔහුගේ වයසේ තවත් තරුණ ජනමාධ්‍යවේදින් හා වේදිනියන් ගණනාවක්ද ආධාර කළේය. ඉන් පොනෙන්නේ පරණ පරම්පරාවට වෙනස් අලුත් ආකාරයකට හිතන පතන තරුණ ජනමාධ්‍වේදින් පිරිසක්ද ඇතිවෙමින් තිබෙන බවය. එම බලාපොරොත්තු ඇති කරන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම පොත ලියා ඇති තරුණ ලේඛකයා තමන්ගේ කාර්යය හොඳින් හා මැනවින් ඉටුකර තිබෙන බව කිව හැකිය. පොත රසවත්ය. අවශ්‍ය තොරතුරුවලින්ද පිරී ඇත.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Deiyandara Gamage Publishers","offers":[{"title":"Default Title","offer_id":50665473278138,"sku":"9789550476084","price":11.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rathupaswala.jpg?v=1791851085"},{"product_id":"aparadha-rajyak","title":"අපරාධ රාජ්‍යයක් - අශංක්ෂිප්ත පරිච්ඡේදයක්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඅපරාධ රාජ්‍යයක් - අශංක්ෂිප්ත පරිච්ඡේදයක් යනු සමකාලීන ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍රමවේදය සහ ඒ හා බැඳුණු අඳුරු අපරාධ ජාලයන්හි සැබෑ මුහුණුවර නිර්භයව අනාවරණය කරන කෘතියකි.කතුවර කසුන් පුස්සෙවෙල විසින් මෙරට සමාජ-දේශපාලන පරිසරය තුළ වසන් වූ සහ යටපත් කරන ලද තොරතුරු සංවාදයට ගනිමින්, බලය සහ අපරාධය අතර ඇති සබඳතාව ඉතා ගැඹුරින් විග්‍රහ කරනු ලබයි. දේශපාලන විචාරකයින්ට මෙන්ම සත්‍යය ගවේෂණය කරන ඕනෑම පාඨකයෙකුට අත්‍යවශ්‍ය විමර්ශනාත්මක ලියවිල්ලකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sayura Publications","offers":[{"title":"Default Title","offer_id":50665473441978,"sku":"9786246223304","price":17.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/aparadha-rajyak.jpg?v=1791851085"},{"product_id":"book-9789559549383","title":"කලු ජූලියේ දින හතක්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eනන්දන වීරරත්න, තම වසර 40කට නොඅඩු ජනමාධ්‍ය භාවිතය අළලා ලියන සිව්වැනි ග්‍රන්ථයයි මේ. ප්‍රචණ්ඩ රාජ්‍ය ඉතිහාසයේ සැඟවී සිටින ජේ.ආර්. ජයවර්ධන, සිරිල් මැතිව්, ඇල්ලේ ගුණවංශ, රොජර් ජයසේකර හා සේපාල ඒකනායක වැනි දුෂ්ටයන් හෙළි කරන අතරේ ඔහු, ලෙෆ්ට්නට් කර්නල් සුනිල් පීරිස්, බන්ධනාගාර අධිකාරි සරත්චන්ද්‍ර හා ඡායාරූප ජනමාධ්‍යකරු චන්ද්‍රගුප්ත අමරසිංහ වැනි සිංහල වීරයන් මේ ඉතිහාසයෙන් මතු කර දෙන්නේ ය.\u003c\/p\u003e\n\u003cp\u003eපුරෝගාමී ජනමාධ්‍ය ගවේෂකයකු වන නන්දන වීරරත්න, ‘නියමුවා’, ‘සීනුව’, ‘ගිනි සිළුව’, හා ‘කම්කරු මාවත' පුවත්පත්වල වාර්තාකරුවෙකු විය. ‘රාවය’, ‘යුක්තිය’, ‘සත්හඬ’, ‘මව්බිම’ හා ‘සතිඅග අරුණ’ පුවත්පත්වලට යුධ වාර්තා හා විශේෂංග රචනා කළේය. බී.බී.සී. ලෝක සේවයේ සිංහල ‘සංදේශයේ [1995 - 2001] වැඩ සටහන් සම්පාදකයකු ද විය. දැන් ඔහු නිදහස් මාධ්‍යවේදියෙකි. වාර්තා චිත්‍රපට නිෂ්පාදකයෙකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Bahu Publishers","offers":[{"title":"Default Title","offer_id":50665475375290,"sku":"9789559549383","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kalu-juliye-dina-hathak.jpg?v=1791851085"},{"product_id":"book-9789559549314","title":"1981 යාපනය ගිනි ලෑම - ප්‍රචණ්ඩ රාජ්‍යයේ ආරම්භය","description":null,"brand":"Lanka Books Limited","offers":[{"title":"Default Title","offer_id":50665475539130,"sku":"9789559549314","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/1981-yapanaya-gini-leema-prachanda-rajyaye-arambhaya.jpg?v=1791851085"},{"product_id":"batalandata-gini-thabuwemu","title":"බටලන්දට ගිනි තැබුවෙමු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eබටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eනන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්‍රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත', 'සීණුව, ගිනි සිළුව', 'රාවය' මව්බිම, 'රතු තරුව' සහ 'සතිඅග අරුණ' පුවත්පත් වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේ ය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 –2001) විය. ඔහු පුරෝගාමි ගවේෂණාත්මක ජනමාධ්‍යකරුවෙකි. ඊළාම් යුද්ධය, ඊළාම් භූමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරාඅරච්චිගේ ස්ත්‍රී දුෂණ’ නඩුව, පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය' කුලය හා දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ඝාතන ගම්මාන (1998\/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන්විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට නිර්මාණය කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්‍රිතාන්‍යයේ දී යුද වාර්තාකරණයට හා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයට පුහුණුව ලැබුවේය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Bahu Publishers","offers":[{"title":"Default Title","offer_id":50665475932346,"sku":"9789559549321","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/batalandata-gini-thabuwemu.jpg?v=1791851085"},{"product_id":"the-spy-who-loved-castro","title":"කස්ත්‍රෝට පෙම් බැඳි CIA ඔත්තුකාරිය — The Spy Who Loved Castro","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eදෙවැනි ලෝක සංග්‍රාමය දොරකඩට පැමිණ තිබියදී ජර්මනියේ උපන් මරිතා ලොරෙන්ස් කුඩා දැරියකව සිටියදී බර්ජන්-බෙල්සන් නාසි වධ කඳවුරට රැගෙන යනු ලබයි. වාසනාවකට මෙන් ඉන් ගැලවෙන මරිතා අවුරුදු 19 ක තරුණියක ලෙස කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ත්‍රෝ සමග දෛවෝපගත ප්‍රේමයක වෙලී 1959දී කියුබාවට යයි. එහිදී සිය දරුවා අහිමිවන රුදුරු අත්දැකීමකට මුහුණ දෙන ඇය කියුබාවෙන් පිටවී එක්සත් ජනපදයට පැමිණ පිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමේ CIA මෙහෙයුමකට සම්බන්ධ වන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eජාත්‍යන්තර චරපුරුෂ ජාල සහ ඇමරිකානු-ඉතාලි මාෆියාව හරහා ගමන් කරන 'කැරිබියානු මාතාහාරි' නමින් ප්‍රකට වූ මරිතා ලොරෙන්ස් කස්ත්‍රෝ ඝාතනය කිරීමට ලැබෙන අවස්ථා දෙකම ආදරයේ නාමයෙන් අත්හැර දමන අතර, වසර ගණනාවකට පෙර ඇයට අහිමි වූ පිදෙල්ගේත් ඇගේත් දරුවා දෛවෝපගත ලෙස නැවත හමුවෙයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Subhavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665476358330,"sku":"9786245774791","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-spy-who-loved-castro.jpg?v=1791851085"},{"product_id":"by-way-of-deception","title":"මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව — By Way of Deception","description":null,"brand":"Subhavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665476948154,"sku":"9786245774654","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/by-way-of-deception.png?v=1791851085"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/political-current-affairs.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}