{"title":"ස්වර්ණ පුස්තක · Award Winners","description":"\u003cp\u003eSwarna Pusthaka shortlists, year by year.\u003c\/p\u003e","products":[{"product_id":"pudgalikai-rahasigathai","title":"පුද්ගලිකයි රහසිගතයි – Pudgalikai Rahasigathai","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් ගිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකොටත් තැළුම් දුන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eතාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා. ‘ මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව.’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලවාය.\u003c\/p\u003e\n\u003cp\u003eතම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ‘ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව. යැයි කියන්නට වන.\u003c\/p\u003e\n\u003cp\u003eහැබෑට ම එක් රැයක.\u003c\/p\u003e\n\u003cp\u003eඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඅමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.\u003c\/p\u003e\n\u003cp\u003eළමා වියේ තැතිය හේතුකොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නොහී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eයසස සොයා කොළඹට යන මිගාරගෙන් අන් ස්ත්‍රීන් වහනය වහනය වීමත් සමඟ, ඔහු සරාගී කළ තම ශාරීරික සුවඳ දුගද කරගන්නා අමන්දා ඔහුගෙන් ඈත් වෙමින් ඔහුත් දරු දෙදෙනාත් තම සොයුරිය උපේකාට පවරා හුදකලා දිවි පැවැත්මක් සොයා යන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eඅමන්දා තම නැගනියට ඇති ආදරය, ඒ ගලායන වතුරටවත් නොකී රහස තුළ වේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Keheli Publishers","offers":[{"title":"Default Title","offer_id":46584713281722,"sku":"pudgalikai-rahasigathai","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/pudgalikai-rahasigathai.jpg?v=1791850963"},{"product_id":"bb","title":"බීබී – BB","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙම ලිවීම යථාර්ථවාදී විය යුතු යයි මගේ කියවන්නිය අදහන නිසා මා පළමුව කළ යුත්තේ, ඔහුගේ හැටි සොබාව ප්‍රබන්ධ ගතකිරීමය. බැලු බැල්මට ඔහුට අවුරුදු 45 ක්වත් ඇති. ඔහු කෙසඟය. ඉඳි කට්ටක් වගේ කෙසඟය. සෝමාරි පෙනුමක් සහිතය. මේ ඉඳිකට්ට රිටක් වගේ උස කෙනෙකු නොවේය. ඔහුගේ මිටි සිරුරට මේ කෙසඟ බව කොහෙත්ම යා දෙන්නේ නැත. ඒත් ඉතින් මා කුමක් කරන්නද? ඔහුගේ මුහුණ විස්තර කළ යුතු කිසිවක් නැති, ඩිමයි අටෙන් එකේ හිස් කඩදාසියක් මෙන් හතරැස් ය. එහි කිසිවක් ලියවී නොතිබීමද මගේ වරදක් නොවේ. වෙනසකට ඇත්තේ ඉදිරිපස දත්වලින් එකක් ඉදිරියට පැන තිබීමය. මෙම දත් ඒ මුහුණට එකතු කරන්නෙ අස්ලීල පෙනුමකි. ඔහුගෙ හිස් බැල්ම ඇස් ගෙඩි දෙකෙන් එළියට පැන ඇර දමා තිබූ ජනේලයක්ද පියමන් කර ඉබාගාතේ යයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46584713314490,"sku":"bb","price":12.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/bb.jpg?v=1788827446"},{"product_id":"mawwath-hadawath","title":"මව්වත් හදවත් – Mawwath Hadawath","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න. අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":46592011632826,"sku":"mawwath-hadawath","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mawwath-hadawath.jpg?v=1791850964"},{"product_id":"wasanga","title":"වසඟ – Wasanga","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eරාත්‍රිය පිනිබර විය. ගහ කොළ, රෑ බෝ වී නැගෙනහිරින් පෑයූ සඳ එළියේ ගොළු අවතාර පරිද්දෙන් පිදුරු මඩුව වට කොට එස වී තිබිණි. හෝහපුටු වදය තිබුණ ද නැදුන්ගේ බර නින්ද නොබිඳිණි…\u003c\/p\u003e\n\u003cp\u003eඉරිමා උදේ යාන්තමින් දුඹුරුවන් ආලෝකය අඳුර තුනී කරන්නට පටන් ගනිත් ම නැදුනේ අවදි වූයේ ය. කොබෙයියකුගේ ස්වරයට අනතුරුව කුකුළන් එකා දෙන්නා හඬලනු ඇසිණි.\u003c\/p\u003e\n\u003cp\u003eදෑස් විවර කරත් ම සුදු පිරුවටයක් පරිද්දෙන් හාත්පස මීදුම ගලා ඇති අයුරු ඔහු දුටුවේ ය. වකගැසී ගත් ගමන් පොඩ්ඩි සිටියේ නිදමිනි. සීත ද, කයෙහි පිබිදුණු ස්වභාවය ද ඔහු ඈ උණුසුම් සිරුර වෙත ළං කෙරිණි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592011698362,"sku":"wasanga","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wasanga.jpg?v=1791850964"},{"product_id":"sunakha-aaryaa","title":"සුනඛ ආර්යා – Sunakha Aaryaa","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eළය පාරන අවතාර රූපී රාත්‍රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්‍රීසි පුවත්පත් කතුවරයකුගේ ද්‍රවිඩ වැන්දඹු බිරිය වූ ප්‍රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්‍රියා තම වැන්දඹු දිවිය ගෙවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් – අගනගරයක් ලෙස චිත්‍රණය වේ.\u003c\/p\u003e\n\u003cp\u003eසිය සැමියාගේ සමීප හිතවතියකව සිටි ආදිත්‍යයා නම් තරුණ දන්තවෛද්‍යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්‍රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුදායක උතුරු යුද කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පිනීවාහි දේශපාලන රැකවරණ සොයා යන ෆඩා සහ හදිසියේ අතුරුදහන් වන දිනේශ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්‍ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමු ගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පතාකයෙකි. ප්‍රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්‍රී වීථි සුනඛ ප්‍රජාවකි\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":46592011763898,"sku":"sunakha-aaryaa","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sunakha-aaryaa.jpg?v=1788914164"},{"product_id":"seegiri-kodev","title":"සීගිරි කොදෙව් – Seegiri Kodev","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eබොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි. සීගිරි කොදෙව්’. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භූමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ කතාව තුළ මුණගැසේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592011862202,"sku":"seegiri-kodev","price":13.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/seegiri-kodev.jpg?v=1791850964"},{"product_id":"ridee","title":"රීදී – Ridee","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මං උඹට හැමදාම කියනවානේ මගේ රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ ඇහැ පේන මානෙනුත් වහන් වෙලා ඉඳපන් කියලා..”\u003c\/p\u003e\n\u003cp\u003e“කවුද අපුච්චි කුලවත්තු කියන්නේ..?”\u003c\/p\u003e\n\u003cp\u003e“කුලවත්තු කියන්නේ මයෙ රත්තරනේ, උසට මහතට ඉන්න හම රතු පාට ඇත්තන්ට..”\u003c\/p\u003e\n\u003cp\u003e“හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තුද අපුච්චේ..?”\u003c\/p\u003e\n\u003cp\u003e“ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තු නම් අපේ වයිරත් කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ නළලේ විතරනේ කළු පාට තියෙන්නේ..?”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Reading Planet","offers":[{"title":"Default Title","offer_id":46592012681402,"sku":"ridee","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ridee.jpg?v=1788914171"},{"product_id":"nayananandaya","title":"ණයානන්දය – Nayananandaya","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eආදරය කියන්නෙත් ණයක් අපිට ලැබුණාම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය – මහේල\u003c\/p\u003e\n\u003cp\u003eමිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා\u003c\/p\u003e\n\u003cp\u003eස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්\u003c\/p\u003e\n\u003cp\u003eළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී\u003c\/p\u003e\n\u003cp\u003eඋඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලී ඩැමේඩ් බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? – සෙව්වන්දී\u003c\/p\u003e\n\u003cp\u003eඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක නවත්තගන්නයි අමාරු\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592012779706,"sku":"nayananandaya","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nayananandaya.jpg?v=1791850964"},{"product_id":"digama-diga-diga-detha","title":"දිගම දිග දිග දෑත – Digama Diga Diga Detha","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e” වී දවස්වල පොඩිඩියෙ හඳ පායා ගෙන ආවා. උඹ වගේම පොඩි කෙල්ලෙක් නොදන්න කමට හඳ එළිය එක්ක හිනා වුණා. හඳ එළිය අපි දෙන්නව රිදියෙන් නෑවෙව්වා. ඒත් පොඩ්ඩියෙ ලොකු අප්පෙ මගෙ කනට කරලා ගායනා කරලා තිබුණෙ වෙස්සන්තර ජාතකය. මේකයි මං උඹට කියන්නෙ. හඳ එළිය දිළිසුණාට අල්ලන්ඩ බෑ. අපට අයිතිත් නෑ. උඹ වටේම තියෙන ගස්වල මල් පිපුණට ඒවා අයිති ගස්වලට, නන්නත්තාර වෙච්ච තනිකමක ඉන්න කොට හැට පැනපු මිනිහෙකුගෙ අතක, පයක, තොලක වුණත් උණුහුමක් දැනෙනවා. අයිතිකාරයො ඉන්න නිධාන අනවසරෙන් හාරන්න ගියොත් වස් වදිනවා.”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Platform for Alternate Culture","offers":[{"title":"Default Title","offer_id":46592012845242,"sku":"digama-diga-diga-detha","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/digama-diga-diga-detha.jpg?v=1791850964"},{"product_id":"rathu-wada-mal","title":"රතු වද මල් – Rathu Wada Mal","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ ආවොත් ඇත්තමයි අඬු කඩනවා! එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ තෝල්කයො මොකටද…”\u003c\/p\u003e\n\u003cp\u003e“නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”\u003c\/p\u003e\n\u003cp\u003e“රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරීට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Book Rack Publishers","offers":[{"title":"Default Title","offer_id":46592013402298,"sku":"rathu-wada-mal","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rathu-wada-mal.jpg?v=1791850964"},{"product_id":"iti-kutiya-vinivindimi","title":"ඉටි කුටිය විනිවිදිමි – Iti Kutiya Vinivindimi","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.\u003c\/p\u003e\n\u003cp\u003eඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.\u003c\/p\u003e\n\u003cp\u003eගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජ්යක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eනොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592013697210,"sku":"iti-kutiya-vinivindimi","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/iti-kutiya-vinivindimi.jpg?v=1791850964"},{"product_id":"gajaga","title":"ගජගා – Gajaga","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e” උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද ”\u003c\/p\u003e\n\u003cp\u003e” ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”\u003c\/p\u003e\n\u003cp\u003e“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”\u003c\/p\u003e\n\u003cp\u003e” ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්… * ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත හයිය හින්දා… මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්… මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක ජීවිතේ ගොඩ දාගන්න.”\u003c\/p\u003e\n\u003cp\u003e“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.’\u003c\/p\u003e\n\u003cp\u003e“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”\u003c\/p\u003e\n\u003cp\u003e“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වේ. ”\u003c\/p\u003e\n\u003cp\u003e“එහෙනං.?”\u003c\/p\u003e\n\u003cp\u003e“උඹ ඒක හිතා ගනින්. ‘\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":46592013795514,"sku":"gajaga","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/gajaga.jpg?v=1791850964"},{"product_id":"nidosmi-nidahasmi","title":"නිදොස්මි නිදහස්මි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eසමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි ‘නිදොස්මි! නිදහස්මි!’\u003c\/p\u003e\n\u003cp\u003eමනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605831602362,"sku":"row18","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nidosmi-nidahasmi.jpg?v=1791850964"},{"product_id":"abasaththi","title":"අබාසාත්ති","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”\n“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”\n“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…”\n“නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”\u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.\n“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”\u003c\/p\u003e\n\u003cp\u003eකාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.\nඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද?\u003c\/p\u003e\n\u003cp\u003eමොකෙන් මොක වෙලා නවතීද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Book Rack Publishers","offers":[{"title":"Default Title","offer_id":46605831831738,"sku":"row19","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/abasaththi.jpg?v=1791850964"},{"product_id":"albertwaruda-manushyayoya","title":"ඇල්බට්වරුද මනුෂ්‍යයෝය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැ වූ ඒ ආදි මාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳවනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලිෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස කෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැර ගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැදවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජිවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුවට්ටා අධිෂ්ඨා කරගත්තාය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":46605832028346,"sku":"row20","price":16.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/albertwaruda-manushyayoya.jpg?v=1791850964"},{"product_id":"agatha-anagatha","title":"අගත අනගත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුවස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළපාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.\u003c\/p\u003e\n\u003cp\u003eඅඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබඅවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහුබිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේමිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්දසියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගියබිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගතඅනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්වපිපුණේය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිටගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවදඑසේමය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832061114,"sku":"row21","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/agatha-anagatha.jpg?v=1791850987"},{"product_id":"deiyyange-etha","title":"දෙයියන්ගේ ඇතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eදහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවාගැනීම උදෙසා ඇහැළේපොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් ‘රට-ජාතිය ගලවා ගැනීමේ’ යුග මෙහෙවර සඳහාය.\u003c\/p\u003e\n\u003cp\u003eඅළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙමින් පවතින අතරතුර, ඇහැළේපොළ අදිකාරම් යටතේ පැවති සබරගමුවේ එක් ගම්මානයකට දළ ඇතෙක් කඩා වැදුණේය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ ඒ හස්තියා පිළිබඳ කතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832192186,"sku":"row22","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/deiyyange-etha.jpg?v=1791850987"},{"product_id":"mama-ledek-mata-ledak","title":"මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමම ලෙඩෙක් මට ලෙඩක්\u003c\/p\u003e\n\u003cp\u003eආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි\u003c\/p\u003e\n\u003cp\u003eආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිඩ් ෆීල්ඩ් න්‍යාය –\u003c\/p\u003e\n\u003cp\u003eදුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –\u003c\/p\u003e\n\u003cp\u003eකලිසමේ චූ ගියාට එච්චරම ගඳ නෑ –\u003c\/p\u003e\n\u003cp\u003eඅපි මේ ඉන්නේ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –\u003c\/p\u003e\n\u003cp\u003eපැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –\u003c\/p\u003e\n\u003cp\u003eචිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –\u003c\/p\u003e\n\u003cp\u003eදේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –\u003c\/p\u003e\n\u003cp\u003eජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Aratuwa Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832356026,"sku":"row23","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mama-ledek-mata-ledak.jpg?v=1791850987"},{"product_id":"sirasa-pada-warnanawa","title":"සිරස පාද වර්ණනාව","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“…මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාරකළේ… එහෙව් එකාව මරා යක්කෙරුව… ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වෙ කෙරුවාව…”\u003c\/p\u003e\n\u003cp\u003e“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං\u003c\/p\u003e\n\u003cp\u003eමරා යක්කෙරුවාම…”\u003c\/p\u003e\n\u003cp\u003eබළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.\u003c\/p\u003e\n\u003cp\u003e“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව… එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට… ගොමම ගොම ගෑවිල යන්ට … මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු බින්දුවක් ගාණට තොපිට සාප වෙනව…”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832618170,"sku":"row24","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sirasa-pada-warnanawa.jpg?v=1791850987"},{"product_id":"sithe-ketunu-devanagara","title":"සිතේ කෙටුණු දේවනාගර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ.\u003c\/p\u003e\n\u003cp\u003eපුත් සුමිත් ළදරු වියේ සිට ම “සන්ලැයිට්’ සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eසෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය- සිතේ කෙටුණු දේවනාගර- ක්‍රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලීසිය ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Keheli Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832650938,"sku":"row25","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sithe-ketunu-devanagara.jpg?v=1791850987"},{"product_id":"wapi","title":"වාපි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eරාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැබෑවක් ලෙස දුටු බියකරු සිහිනයකින් අවදි වෙමිනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":46605832880314,"sku":"row26","price":13.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wapi.jpg?v=1791850987"},{"product_id":"piyasara-samaya","title":"පියාසර සමය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eතොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.\u003c\/p\u003e\n\u003cp\u003eපරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඑයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605833109690,"sku":"row27","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/piyasara-samaya.jpg?v=1791850987"},{"product_id":"parikarma","title":"පරිකර්ම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eපරිකර්ම වික්ටෝරියානු යුගයේ කතාවකි. වික්ටෝරියා රැජන ද සුළු චරිතයක් ලෙස වුව ද වැදගත් දායකත්වයක් දරන්නේ ඇය කෙරෙහි ද අපේ අදහස් සාධනීය වෙනසකට හසු කරමිනි. මේ කැන්ටබරියෙන් ආරම්භ වී, සිලෝන් හරහා විහිදෙමින්, යටත් විජිත යාන්ත්‍රණය ද අපේලෞකික තෘෂ්ණා ද ප්‍රශ්න කරන්නා වූ කෘතියකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605833142458,"sku":"row28","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/parikarma.jpg?v=1791850987"},{"product_id":"disparue","title":"දිස්පර‍යු | Disparue - තාදි සමරසිංහ අබිරහස","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.\u003c\/p\u003e\n\u003cp\u003eතත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?\u003c\/p\u003e\n\u003cp\u003eදින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":46605833306298,"sku":"disparue","price":16.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/disparue.jpg?v=1791850987"},{"product_id":"darani","title":"ධරණි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665413640378,"sku":"9789556565263","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/darani.jpg?v=1791851012"},{"product_id":"malabaar-neyo","title":"මලබාර් නෑයෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":50665415868602,"sku":"9789556864182","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/malabaar-neyo.png?v=1791851012"},{"product_id":"mandaram-uyana","title":"මන්දාරම් උයන","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eදුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665417113786,"sku":"9789553309945","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mandaram-uyana.jpg?v=1791851012"},{"product_id":"veenas-ge-upatha","title":"වීනස්ගේ උපත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eයොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665417932986,"sku":"9789553113092","price":14.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/veenas-ge-upatha.jpg?v=1791851012"},{"product_id":"sapna","title":"ස්වප්න","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eදේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665419243706,"sku":"9789553111906","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sapna.jpg?v=1791851012"},{"product_id":"puligoo","title":"පුලිඟු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665419407546,"sku":"9789553112965","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/puligoo.jpg?v=1791851012"},{"product_id":"maa","title":"මා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665420259514,"sku":"9789556777857","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/maa.jpg?v=1791851012"},{"product_id":"book-9789556616651","title":"ගුම්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sadeepa Publishers","offers":[{"title":"Default Title","offer_id":50665420521658,"sku":"9789556616651","price":12.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/gum.png?v=1791851012"},{"product_id":"miuru-hada","title":"මියුරු හඬ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eබිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665421045946,"sku":"sbu-no-009","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/miuru-hada.jpg?v=1791851012"},{"product_id":"awa-pelaviya","title":"අව පෑලවිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Godage Book Emporium","offers":[{"title":"Default Title","offer_id":50665421439162,"sku":"9789553091901","price":13.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/awa-pelaviya.jpg?v=1791851012"},{"product_id":"santhiparan","title":"සන්තිපරං","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eබොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Surasa \/ Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665422258362,"sku":"9789556777925","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/santhiparan.jpg?v=1791851012"},{"product_id":"adisi-nadiya","title":"අදිසි නදිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665423012026,"sku":"9789556777987","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/adisi-nadiya.jpg?v=1791851012"},{"product_id":"kanda-uda-gindara","title":"කන්ද උඩ ගින්දර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665423765690,"sku":"sbu-no-013","price":15.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kanda-uda-gindara.jpg?v=1791851012"},{"product_id":"polmatta","title":"පොල් මට්ටා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා….ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":50665424093370,"sku":"sbu-no-014","price":12.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/polmatta.jpg?v=1791851012"},{"product_id":"nishkranthiya","title":"නිෂ්ක්‍රාන්තිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665424519354,"sku":"9789553115355","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nishkranthiya.jpg?v=1791851012"},{"product_id":"rudu-ron-soya","title":"රුදු රොන් සුනු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඔහු රථය පන ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665425010874,"sku":"9789553115720","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rudu-ron-soya_4f2e9d80-3a45-4ecc-839e-d3638ad0b875.jpg?v=1791940556"},{"product_id":"panhida","title":"පන්හිද","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමයෙ දැහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරලා දලා ගියේ.තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියා වූ\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665425502394,"sku":"9789553118318","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/panhida.jpg?v=1791851013"},{"product_id":"thi-ha-tha","title":"තී හා තා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eනවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත්‍රීව්‍ර වේ.\u003c\/p\u003e\n\u003cp\u003e'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ තබා ගනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665426256058,"sku":"9789553115874","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/thi-ha-tha.jpg?v=1791851013"},{"product_id":"nimnage-ithihasaya","title":"නිම්නාගේ ඉතිහාසය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනිම්නය උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා ය . එක ඉතිහාසය අලුතින් ඇරබෙන දවසක් එතැන් පටන් දිගහැරෙන අගේ ජිවිතයට ඇගේ අම්මගේ පරම්පරාවත් , මිත්තනියගේ පරම්පරාවත් මි මිත්තනියගේ පරන්පරවත් වරින් වර මුණගැසෙයි .\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665426485434,"sku":"9786245087822","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nimnage-ithihasaya.jpg?v=1791940517"},{"product_id":"ratu-iri-adina-atha","title":"රතු ඉරි අඳින අත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e\"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කරයි...\"මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප‍්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක‍්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන 'රතු ඉරි අඳින අත' සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප‍්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය.මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත‍්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.නවකතා රචනයෙහි කතුවරයා සතු ප්‍රතිභාව මැනවින් ප්‍රකට කෙරෙන අගනා නිමැවුමකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665427959994,"sku":"9786245087099","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ratu-iri-adina-atha.jpg?v=1791851013"},{"product_id":"kumara-kobei","title":"කුමර කොබෙයි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eකතෘගේ දොළොස්වන නව කතාව වන මෙම කුමර කොබෙයි තුළ ආදරය, විවාහය, දරු සම්පත මුණගැසීමේ අපේක්ෂාවෙන් ගමනක යෙදෙන ගැහැණියකගේ අභ්‍යන්තරය හරහා සතුට සොයාගෙන දේශයන් හරහා යන මිනිසුන්ගේ ආත්මීය අර්බුද නිර්භීතව ගවේෂණය නර ඇත\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665428713658,"sku":"9786245087082","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kumara-kobei_ff6b2715-50ab-4b0a-a310-e6ef5f518e12.jpg?v=1791940533"},{"product_id":"athakin-amma-ya-athakin-merama-ya","title":"අතකින් අම්මා ය අතකින් මෙරමා ය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙය පී.බී. ජයසේකරගේ හයවැනි නවකතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහුගේ සියළුම නවකතා මෙරට සම්මාන සඳහා නිර්දේශ විය. 2019 පළ කළ 'මා ප්‍රති මා' විදුදය, ගොඩගේ සහ රාජ්‍ය සම්මානයන් හි අවසන් වටය තෙක් පැමිණියේය. 'ඉක්බිතිව ඔහු මරාපීහ' 2016 වසරේ හොඳ ම නවකතාව වශයෙන් ගොඩගේ සම්මානයට පාත්‍ර විය. 'මරියා සිලොනිකා වස්තුව' ඔහුගේ පළමු නව කතාව, ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි ජනහද දිනාගත් නවකතාවකි. 'අවලමා සහ ඇහැටුව' රාජ්‍ය සම්මාන අවසාන නවකතා තුන දක්වා පැමිණි අතර 'බලව, කඳුළු ගිනි ගනී!' ෆෙයාර් වේ සම්මාන අසාන නවකතා පහ තුළ රැඳිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඒ සියල්ල යම් අයුරකින් සත්‍ය සිදුවීම් හා බැඳී නවකතාවයි. එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකු ආරාමයකට ගොඩ වැදෙනවා. මේ ළමුන් දෙදෙනා, පසු කලෙක, අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගක් දිගේ දෙආකාරයකින් තම අතීතය සොයා යනව. එය අපමණ හැල හැප්පීම් ඇති දුක්බර ගමනක්. කෙළවර ඒ එක ම අතීතයේ දි, දෙදෙනා එකිනෙකාට හමු නොවී දෙආකාරයකින් වෙන්වෙනවා. 'අතකින් අම්මා ය අතකින් මෙරමා ය ' සත්‍ය සිදුවීම් දෙකක් හා බැඳුණු නවකතාවකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Surasa \/ Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665429369018,"sku":"9789556779196","price":12.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/athakin-amma-ya-athakin-merama-ya.jpg?v=1791851037"},{"product_id":"balan-pura-siri-neth-wasa","title":"බලන් පුර සිරි නෙත් වසා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි\u003c\/p\u003e\n\u003cp\u003eදහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි\u003c\/p\u003e\n\u003cp\u003eවෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ...\u003c\/p\u003e\n\u003cp\u003eමුළු අමාත්‍යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන්\u003c\/p\u003e\n\u003cp\u003eසේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක්\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද\u003c\/p\u003e\n\u003cp\u003eහිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත්\u003c\/p\u003e\n\u003cp\u003eමේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ...\u003c\/p\u003e\n\u003cp\u003eඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන්\u003c\/p\u003e\n\u003cp\u003eෆෝන්... ලැප්ටොප්.. කම්පියුටර්,., අතටපයට දැසි දස්සෝ... කොටින් ම\u003c\/p\u003e\n\u003cp\u003eහතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක්\u003c\/p\u003e\n\u003cp\u003eගැහුවත් ඒ තත්වෙටනං ළං වෙන්න බැ කිව්වේ ඒකයි..\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665430024378,"sku":"9789556565669","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/balan-pura-siri-neth-wasa.jpg?v=1791851037"},{"product_id":"petha","title":"පේත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665430614202,"sku":"9789553099297","price":11.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/petha.jpg?v=1791851037"},{"product_id":"book-9789554690103","title":"අයි ඩී – I.D","description":null,"brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50665431072954,"sku":"9789554690103","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/i-d.jpg?v=1791851037"},{"product_id":"degodawarama","title":"දෙගොඩවාරම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගැහැනියකට තනිව ජිවත් විය නොහැක යන පිරිමින් විසින් සමාජයට දමනු ලබ ඇත්තේ පිරිමින්ගේ දුෂ්ටිකොනයෙන් තම සිතුම් පැතුම් මෙහෙය වන තමාගේ ආරක්ෂකයා තමාම නම් බාහිර ආරක්ෂාවක් කුමටද ?\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665431630010,"sku":"9789556566093","price":11.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/degodawarama.jpg?v=1791851037"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/award-winners.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}